❤️ටෙලිපති ආකර්ෂණ නීතිය 👼


 ටෙලිපති 

එහෙමත් නැත්තම් සිතකින් සිතකට පණිවිඩ යැවීම. මේ සදහා වඩාත් සුදුසුම උදාහරණය වන්නේ  විශ්වයේ ශාස්තෘවරයානන් වහන්සේ වූ අප  ගෞතම බුදුරජාණන් වහන්සේ ය. මීට වර්ෂ 2600 ට පෙර අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ විශ්වයේ කෝටියක් සක්වල දක්වා මනසින් ආමන්ත්‍රණය කළහ.  විශ්ව ශක්තිය තුළින්  සක්වලයන්ට බල පිහිට වා දේශනා කිරීමේ හැකියාව උන්වහන්සේට තිබුණි . ප්‍රභල සිතුවිලි වචන භාවිතා කර  කතා කිරීම වෙනුවට මනස යොදා ගෙන එකිනෙකාගේ තරංග ප්‍රභල සිතුවිලි තරංග මගින් හුවමාරු කර ගැනීම සිදු කිරීමයි .මනසින් පණිවිඩ යැවීම සඳහා කිසිදු අතරමැදි උපකරණයක් අත්‍යවශ්‍ය නොවේ.මෙහිදී සිදු වෙන්නේ  දෙදෙනා අතර මානසික ගනුදෙනුවකි. සෘජුවම අවකාශය හරහා සිතුවිල්ලක් හුවමාරු  කර ගැනීමය .ඔබ නොදැනුවත්වම සිදු වන සමහර සිදුවීම් එනම්,

සිහිනයෙන් දුටු කිසිවෙක් ඊට පසු හෝ කෙටි දිනකින් ඔබ මුණගැසීමට පැමිණීම .

ඔබ හිතෙන්  මුමුණන ගීතය  ඔබ ළඟ ඉන්න අනිත් කෙනා මිමිණීම.

ඔබ සිහියට නගන යම් අයෙකු ගෙන්  ගෙන් කෙටි කාලයක් තුළදී දුරකථන ඇමතුමක් ලැබීම  .

මෙවැනි පුංචි සිදුවීම් ඔබේ ජීවිතයේ දී ඕනෑම තරම් අත්විඳලා ඇති .

මාගේ මනසේ ඇති නිශ්චිත හැකියාව සහ ඕනෑකම තියෙනවා තියෙනවා නම් මානසික ලිහිල් තාවය මත මෙම ටෙලි ටෙලිපති ක්‍රමය බොහෝ දුරට සාර්තක තික කර ගත හැකිය .ටෙලිපති  කියන්නේ ඇත්තටම අපූර්ව කලාවක්.ඔබේ ආදරණීය බැඳීම් ශක්තිමත් කරගන්න සම්බන්ධතා පවත්වාගෙන යන්න ,රැකියාව කරන ස්ථානය දුරස්ථව සිට ඔබේ සෘජු පාලනයකින් තොරව මෙම ටෙලිපති  ක්‍රමය සාර්ථකව යොදා ගත හැකිය.කිසිදු ශාරීරික ක්‍රියාවලියකින් තොරව මානසික ගනු දෙනුවක් මගින් වෙනත් කෙනෙකුට පණිවිඩ යැවීමට ටෙලිපති තරම් වෙනත්  ක්‍රමයක්  නැති තරම්. මානසිකව සහ අධ්‍යාත්මිකව ඉහලට ගිය අයට මනසින් ගනුදෙනු කිරීම ඉතා පහසුය .ඔබේ මොළය මෙ ටෙලිපති ක්‍රමයට පුරුදු වූ පසු ඔබේ කාර්‍යන් කිසිම වෙහෙසකින් තොරව සිදු කරගෙන යෑමට ඔබට හැකිය . අපේ මනස දියුනු කර ගත්තම අපිට කරන්න බැරි දෙයක් නැ. මනුශ්‍ය ශරීරයේ ඉහලින්ම පිහිටි ඉන්ද්‍රිය වන්නේ මිනිස් හිසයි . ඒ මිනිස් හිස තුළ ඇති මොළය සිතුවිලි සම්ප්‍රේශනාගාරයකි . එහි නිපදවන සිතුවිලි විකාශය කිරීමටත් අවකාශයේ ඇති සිතුවිලි මනසට අහුලා ගැනීමටත් මින්ස් මොළයට තියෙන්නේ අපූර්ව අරුම පුදුම හැකියාවක් . තමන්ගේ සිතුවිලි අවකාශය තුළ , ස්ථාන කරා , පුද්ගලයින් කරා යැවීම සදහා මනස අතිශයින් නිරවුල් විය යුතුයි . ඒ සදහා

🪷සෘණාත්මක සිතුවිලි පාලනය කර ගත යුතුයි .

🪷ඩිජිටල් උපකරණ අවම කළ යුතුයි .

🪷මනස මෙ මොහොතේ ගත කිරීමට පුහුණු කල යුතුයි.

🪷මනා සිහිය පවත්වා ගැනීම භාවනාව තුළින්

🪷කෝපය දුක වැනි තරංග පිටට නොදිය යුතුයි

❤️❤️❤️❤️ක්‍රමය ❤️❤️❤️

මනසින් පණිවිඩ යැවීමට නම් මනසේ පාලනය තමන් සතු කර ගත යුතුයි .මනස දියුණු කිරීමට භාවනාව තමයි සුදුසුම ක්‍රමය. එයිනුත් ඔබ පුද්ගලයෙකු හෝ දෙයක් කරා ටෙලිපති භාවිතා කරයිනම් ඒ දෙයට හො පුද්ගලයාට මුලින් මයිත්‍රී කරන්න . ඉන්පසුව තමන්ගේ මනස සහ තමන් මෙන්ම විශ්වය ගැන දැඩි විශ්වාසයක් ඇති කර ගත යයුතුය .අත්හද බැලීමට නම් මෙ ටෙලිපති ක්‍රමය සිදු කරන්න එපා.ඔබේ මනසින් නිපදවන සිතුවිලි ගැන ව්ශ්වාසය තබා ගන්න . ඉන්පසු පණිවිඩය යැවිය යුතු පුද්ගලයාව හිතින් දකින්න . මයිත්‍රී කිරීමෙන් අනතුරුව , මේ පුදගලයාගේ නලල මැද පිහිටි කොටස හොදින් සිහියට නගන්න. 

දැන් ඔබගේ නලලත මැද පිහිටා ඇති කොටස මගින් ඔහුට තරංගයක් හෝ ශක්ති දාරාවක් ඔස්සේ මෙම පණිවිඩය යවන්න. විනාඩි පහලවක් පමණ කාලයක් මෙය සිදු කරන්න . දැන් ඔබට පුලුවන් යතා තත්වයට පත් වෙන්න .දැන් ඔබ මේ පණිවිඩය එම පුද්ගලයාට යවා අවසන් , එම නිසා කිසිම සෘණාත්මක දෙයක් හිතන්න එපා මේ කාලයේදී ඒ වගේම දින කිහිපයක් ඔබට මෙ ටෙලිපති ක්‍රමය මුලින්ම සිදු කරන අයෙක්ට නම් කරන්න වේවී, එහෙනම් සුභ පැතුම්!


Comments

Popular posts from this blog

හිතන දේ සැබෑ කරන විශ්වයේ රහස්

🧚විශ්ව ආකර්ෂණයේ දිව්‍යමය අංක👼

ආධ්‍යාත්මික ශක්තියෙන් ජීවිතය ජය ගැනීම