🌏 විශ්ව ශක්තියේ වලාකුළු ක්‍රමවේදය 💨💫
☁️☁️☁️ මොකක්ද මේ powerful cloud method එක කියන්නෙ? ☁️☁️☁️
මේක විශ්වාසයෙන් නිවරදිව කළොත් අනිවාර්යයෙන් ප්‍රතිඵල ලැබෙන ප්‍රබල manifesting method එකක්. මට මේකෙන් හොඳ ප්‍රතිඵල ලැබුන නිසයි බය නැතිව ඔයාලටත් කරන්න කියල කියන්නෙ. මම මේක සරළව පැහැදිලිව කියල දෙන්නම්. manifesting වලදි අපි කරන්නෙ අපි බලාපොරොත්තු වෙන අරමුණ වෙත ධනාත්මක සිතුවිලි ශක්ති තරංග සම්ප්‍රේෂනය කිරීමක්.අපිට අවශ්‍ය දේ මේ විශ්වයෙන් ඉල්ලන එකයි කරන්නෙ.මේකත් ඒ විදියට අපේ යටි සිත සහ විශ්වය සම්බන්ධ කරවන ක්‍රමයක්.
ඔබට අවශ්‍ය කාරණය භෞතික දෙයක් වෙන්න පුලුවන් , පුද්ගලයෙක් වෙන්න පුලුවන්..අපේ සිතුවිලි ප්‍රබල වුණොත් අපි හිතන දේ ඉක්මනින් අපි වෙත ආකර්ෂණය වෙනවා. ඉතින් මේ යමක් සිතන වලාකුළක් ඇඳල අපේ අරමුණ ඒකෙ ලියල රූපයක් ඇඳල කරන දේදි වෙන්නෙත් ඒකමයි. ආකර්ෂණීය නීතිය ගැන කතා කරද්දි අහස ගැන අපි කතා කරනවා වගේම වලාකුළු කියන්නෙත් ඒ වගේම විශ්ව ශක්තිය ගැබ් වූ දෙයක්. විශේෂයෙන්ම ඔබට කාලයකින් මුණ නොගැසුණ කෙනෙක් හමුවෙන්න, කාලෙකින් කතා නොකල කෙනෙක් එක්ක කතා කරන්න, තරහ වුණ කෙනෙක් එක්ක යාලු වෙන්න මේ ක්‍රමය යොදාගන්න පුලුවන්.ඔයාට අවශ්‍ය දෙයක්නම් ඔයා හිතන්න ඕන ඒ දේ ඔබය ලබාගන්න පුලුවන් පුද්ගලයන් ගැන. උදාහරණයක් විදියට ඔයාට නිවසක් අවශ්‍යනම් ඔයා ඒ කාරණය හිතල..ඒ වෙනුවෙන් ඔයාට සහයෝගය දෙන පුද්ගලයන් ගැන සිතන්න. හැබැයි මේ දේ කරද්දි ඔයාගෙ සිතුවිලි පිරිසිදු විය යුතුයි. කිසි කෙනෙක්ට හානියක් නොවන සිතකින් මේ විදියට කරන ප්‍රාර්ථනා ඉක්මනින් ඉටු කරගන්න පුලුවන්.
මෙන්න පියවර ටික
1.මුලින්ම රූල් නැති හිස් සුදු කොලයක් ගන්න.
2.රතු හෝ නිල් පෑනක් හෝ ප්ලැටිග්නම් එකක් ගන්න.
3.ඔයාට පුලුවන් විදියට ඔයාගෙ රූපය අඳින්න ඒ කොලයේ(කෝටු බබෙක් විදියට ගැටලුවක් නෑ)
4.ඉන්පසු ඒ රූපය ඉදිරියෙන් ඔබට අවශ්‍ය පුද්ගලයාගේ හෝ පුද්ගලයන්ගේ නම් ලියන්න. අරමුණ එකක්නම් පුද්ගලයන් ගණන ගැටලුවක් නැත. (ඔබට නම් දෙකක් හෝ කිහිපයක් ලියන්න පුලුවන් )
5.ඒ නම හෝ නම් යටින් ඉරි තුනක් අඳින්න.
6.මුලින්ම ඇන්ද ඔබේ රූපයේ සිට කුඩා බෝල 6ක් ඉහලට අඳින්න.
7.ඒ බෝල 6 කෙලවරෙන් වලාකුළක් අඳින්න.
8. වලාකුල මැද ඔබේ අරමුණ ඉටු වූවා සේ ලියන්න.
උදා: - මට ඔහුගෙන් පණිවිඩයක් ලැබුනා.විශ්වයට ස්තූතියි.
මට ඔහුව මුණගැසුනා. විශ්වයට ස්තූතියි.
මට අලුත් දුරකථනයක් ලැබුනා. විශ්වයට ස්තූතියි. (මේ විදියට ලියන්න)
9.දැන් මේ කඩදාසිය ඔබ සිටින දිශාවට තුන් වරක් නවන්න.
10. නැවූ කඩදාසි පටිය පපුවට තබාගෙන ඇස් පියාගනිමින් හොඳ හුස්ම වාර තුනක් ගන්න.
11. දැන් විනාඩි 5ක් හෝ 10ක් ඔබට අවශ්‍ය දේ ගැන චිත්ත රූප මවන්න. (Visualize )
මේ පියවර අනුගමනය කිරීමෙන් පසු එම කඩදාසිය ඔබගේ පෞද්ගලික ආරක්ෂිත තැනක තබා එය ගැන අමතක කර ඔබේ එදිනෙදා කටයුතු වල නිරත වෙන්න.ඔබගේ ඉල්ලීම සාධාරණ හා විශ්වය විසින් අනුමත කරන දෙයක්නම් ඉක්මනින් ම ඔබේ අවශ්‍යතාවය ඉටුවේවි.
කවුරුත් නැති පරිසරයෙන් භාදාවක් නැති නිදහස් තැනක ඉඳගෙන මේ දේ කරන්නත් මතක තියාගන්න.ඔබට මින් ලබාගත් ප්‍රතිඵල ඇත්නම් කමෙන්ට් කරන්න. මුලින්ම මෙය ඔබට අසාර්ථක වූවානම් මම කියපු නිවරදි පියවරයන් අනුව කර බලන්න. ඔබගේ ප්‍රතිඵල කමෙන්ට් කරන්න.
ස්තූතියි ආදරණීය ඔබට සහ ආදරණීය විශ්වයට 🙏❤️
Comments
Post a Comment