Posts

Showing posts from June, 2023

ආධ්‍යාත්මික ශක්තියෙන් ජීවිතය ජය ගැනීම

Image
  🌀 ඔබේ ආධ්‍යාත්මික ශක්තිය බල ගැන්වී..ඔබේ සිතිවිලි මේ විශ්වයට මුදා හැරිමේදී....විශ්වය එයට ප්‍රතිචාර දක්වන බව හෝ විශ්වය ඔබට ඇහුම්කන් දෙන බවට විශ්වය විසින් යම් ඉගි ප්‍රකාශ කිරීමක් සිදු කරනවා......🌀.... 💞 විශ්වය කියන්නේ අසීමිත සැපයුම් කරුවෙක්...මේ විශ්වය තුල සිමාවන් ,හිග වීම් නෑ...සියලු දේ බෙදා ගැනීම්...හුගක් තියෙනවා ..ඒ කරා යන්න නම් ඔබ ලග තියෙන්න ඕනේ...මොකද්ද ?...භක්තිය ( faith) භෞතික ක්‍රියාකාරකම් තුලින්.ඔබගේ ප්‍රකාශන හැකියාව ( manifestation ) දියුනු කර ගන්න ඕනේ.... බෙදා ගැනීම් තුලුන් ධනාකර්ෂනය වැඩි දියුනු වෙනවා...කිසිම මොහොතක ඔබ දන්න දේ තව කෙනෙක්ට කියා දීමට මැලි වෙන්න එපා... පහනින් පහනක් දැල්වූවා කියලා ...මුල් පහනේ ආලෝකය අඩු වීමක් වෙන්නේ නෑ ....නේද ..ඔබ දන්න දේ නිර්ලෝභී ව තව කෙනෙක්ට දෙන්න..🙏💜️ ..එතකොට ඔබේ ආධ්‍යාත්මික ශක්තිය ඉහල නැන්වෙනවා ඔබටත් නොදැනීවම.... හරී....මොනාද මේ විශ්ව භාශාවෙන් අපිට ලබා දෙන ඉගී.....🤔😍....ඔබ...භාවනාවන් හරියට සිදු කරනවනම්....චිත්තරූප මැවිම් සිදුකර ...ඒ සංක්‍යාත අවදි කරගෙන ඉහල පරාසයක ඉන්නවනම්....ඔබ නිවැරදි ලෙස විශ්වයට සම්බන්ධ යි කියලා ..විශ්වය විශින් ..දෙන

හිතන දේ සැබෑ කරන විශ්වයේ රහස්

Image
බැඳීම් කියන්නේ ලොව සෑම දෙයකටම පොදු දෙයක්. මෙම බැඳීම් ශක්තිමත් වෙන්න ආකර්ෂණ බලයක් තියෙන්නම ඕන. ආකාර්ෂණයේ නීතිය” කියන්නෙත් භෞතික විද්‍යාවට හසුනොවන අපූරු සංසිද්ධියක්. ඒ කියන්නේ අපේ සිතුවිලිත් එකිනෙක ආකාර්ෂණය වෙමින් පවතිනවා. මේ නීතියට අනුව ධනාත්මක බාහිර සිතුවිලි ආකර්ෂණය වෙනවා. ඒ විදිහටම ඍනාත්මක සිතුවිලි වෙත ආකර්ෂණය වන්නේද ඍණාත්මක අත්දැකීම්. එක හා සමාන ශක්තීන් එකිනෙක ආකර්ෂණය වෙනවා. හොඳ සිතුවිලි සමඟත් නරක සිතුවිලි සමඟත් ආකර්ෂණය වෙනවා. මේ කියන ආකාර්ෂණයේ නීතිය අපේ ජීවිතයට ලං කරගත්තොත් ඔයාට ධනය, සතුට, නිරෝගී වගේ ගොඩක් දේවල් ලබා ගන්නත් පුළුවන්. ආකර්ෂණයේ නීතිය ඔයාගේ ජීවිතයටත් ලං කරගන්නේ මෙහෙමයි     මුලින්ම ඔයාගේ මනස සැහැල්ලු කරන්න. ඔයාට අවශ්‍ය දේ ඔයාගේ මනසට කාවද්දවා ගැනීමට නිරවුල් මනසක් අත්‍යාවශ්‍යයි. ඒ නිසා භාවනා කිරීමටත්, යෝග ව්‍යායාම වලටත් යොමු වන්න. ඔයාගේ මනස අවුල් කරන දෑ වලින් හැකිතාක් ඈත් වන්න. ඔයාට අවශ්‍ය දේ කුමක්ද යන්න හරියටම තේරුම් ගන්න. ඒ ගැන ඔයාට සැක තියෙන්න බැහැ. ඔයාගේ මනසේ සිතුවිලි වලින් විශ්වයට පණිවිඩයක් යවන බව තේරුම් ගන්න. විශ්වය ප්‍රතිචාර දක්වන්නේ ශක්තිමත් තරංග වලට පමණයි. ඔයාට අවශ